පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබන්නේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පවසති.
කාදිනල්වරයා මේ බව සඳහන් කළේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගිවෙමිනි.
මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.
රට දියුණු කිරීමට නම් සමාජ පරිවර්තනයක් හා විප්ලවීය වෙනසක් සිදුවිය යුතු බවත් පවතින ගමන් මාර්ගය වෙනස් කිරීම අනිවාර්ය බවත් කොළඹ අගරදගුරුවරයා සඳහන් කරයි.
සැබෑ නත්තල යනු කා-බී ජොලි කිරීම නොව ගව මඩුවේ සහ කුරුසියේ පණිවුඩය තේරුම් ගෙන එකිනෙකාට උපකාර කරගනිමින් කටයුතු කිරීම බවද කාදිනල් හිමි පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
