දැනට රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය අත්හිටුවීමේ ලකුණු පහළ වී ඇති බව වාර්තා වේ.
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා 2021 වර්ෂයේදී සැපයිය හැකි බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 570ක් බව දිස්ත්‍රික් ලේකම්වරු ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට දැනුම් දී ඇත.
ඒ අම්පාර, මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරුන් ලබාදුන් වාර්තාවලිනි. එම ප්‍රමාණය සතියකට පමණක් ප්‍රමාණවත් අතර දෛනිකව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 70කි. එම බඩ ඉරිඟු අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් දසදහසක් ආනයනය කිරීමට ආණ්ඩුව අගෝස්තු මස 24 වැනි දින තීරණය කරන ලදී. ඒ අනුව මේ වන විට ආනයනය කර ඇත්තේ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2500කි. මේ අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික්ටොන් 720ක් සපයා ගැනීමටද මෙතෙක් නොහැකි වී ඇත. ඊට හේතු වී ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225කින් ඉහළ නැංවීම මත කිරිපිටි සැපයිය හැක්කේ රුපියල් 1145කට බව මිල්කෝ සමාගම දැනුම් දීම නිසාය.
මව්රට
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
