චීන නැවට වන්දි ගෙවන්න බැරි තරමට රට වැටිලා නෑ !

චීන නැවට වන්දි ගෙවන්න බැරි තරමට රට වැටිලා නෑ !

චීන සමාගමේ පොහොර නෞකාවට වන්දි ගෙවීමට බැරි තරමට රට තල්ලු වී නැතැයි ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

පොහොර නෞකාවට වන්දි වීම සඳහා ඩොලර් මිලියන හය හමාරක් කොහෙන්දැයි අසන අයට දිය යුතු පිළිතුර වන්නේ ජාත්‍යන්තර වෙළඳාම සිදු වන්නේ පාර්ශව දෙකක් අතර වුවද එහිදී ගනුදෙනු සිදු වන්නේ බැංකුව දෙකක් අතර බව යැයිද එහිදී ඔහු පැවසීය.

විපක්‍ෂය සිතා සිටින්නේ රටේ එකම ඩොලරයක් වත් නැතැයි කියා වුවත් දැනට සංචාරක ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බවත් විදේශ ශ්‍රමිකයන් ලක්ෂයට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇති බව අමතක නොකළ යුතු බවත් හෙතෙම පැවසීය.

රටේ පවතින ප්‍රශ්න එක රැයකින් අවසන් කරන්නට නොහැකි බවද පැවසූ ඔහු වසර දෙකක් තිස්සේ තිබූ වසංගතය යම් තරමක් සමනය වී ඇතත් අවසාන රෝගියා සුව තුරු රෝගය අවසන් වනු ඇතැයි ද සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න