විසඳුම අරගෙන : ජාතික ජනබලවේගය 20 එයි !

විසඳුම අරගෙන :  ජාතික ජනබලවේගය 20 එයි !

දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු ප්‍රගතිශීලී බලවේග ගණනාවක් නියෝජනය කරන ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව දෙසැම්බර් 20වැනි දින පෙ.ව. 9.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

‘බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම නියෝජිත සම්මේලනයේදී රටේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා වගකීම් භාරගැනීමට සූදානම් ජාතික විධායක සභාවක් පත් කර ගැනීමට සහ රටට හඳුන්වාදීමට නියමිතය.

ආර්ථික වශයෙන් බිඳවැටී තිබෙන්නාවූද දේශපාලන, සංස්කෘතික, සමාජයීය ලෙස පරිහානියට පත්ව තිබෙන්නාවූද ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා මනුෂ්‍යත්වය, සමාජ සාධාරණත්වය, පරිසර හිතකාමිත්වය, ආර්ථික තිරසාරත්වය, ශ්‍රී ලංකා ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය, මහජන සහභාගිත්වය, ප්‍රශස්ත සම්පත් උපයෝජනය හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය එකවිට සැලකිල්ලට ගන්නා නව ප්‍රවේශයක් සහිත දේශපාලන යෝජනා මාලාවක්ද එම සමුළුවේදී එළිදැක්වීමට නියමිතව ඇත.

ආණ්ඩුවේ ණය ගෙවීම, ආර්ථිකය සවිබලගන්වන මානව සම්පතක් බිහිකිරීම, නිෂ්පාදන ආයතන ව්‍යුහයන් ඇතිකිරීම, වංචා දූෂණ හා නාස්තිය පිටුදැකීම, නව සංවර්ධන ව්‍යාපෘති, සංස්කෘතිය, කලාව හා විනෝදාස්වාදය, සමාජ සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් මෙම යෝජනා මාලාව ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය විසින් පියවර ගෙන තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙම නියෝජිත සමුළුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න