රාජ්‍ය සේවක විශ්‍රාම චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවක විශ්‍රාම චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය ව්‍යාපාර සේවකයින් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඊට අදාල චක්‍රලේඛය මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල  විසින් නිකුත් කර ඇති අතර මෙය ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 ක් වන අතර කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අදහස් කරන්නේ නම් සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 ක් දක්වා සේවයේ රැදී සිටීමට හැකියාව පවතී.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ වයස අවුරුදු 57 සිට 62 අතර කාලපරිච්ඡේදය තුළ නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධරයා වෙත මාස 03 ක පූර්ණ දැනුම් දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකි බවය.

එමෙන්ම කාර්යක්ෂමතාව හා කාර්යසාධනය සතුටුදායක නොවන නිලධාරියෙකුට වයස අවුරුදු 57 න් ඔබ්බට සේවා දීර්ඝ කිරීමක් ලබා නොදීමට පත්වීම් බලධරයා තීරණය කරන්නේ නම් එයට එරෙහිව නිලධාරියාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 6 ක පූර්ව දැනුම්දීමකින් පසුව විශ්‍රාම ගැන්වීමේ බලය පත්වීම් බලධරයා සතුවෙයි.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන් හි සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති 2013.01.15 දරන අංක 01/2013 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මෙමගින් අවලංගු වන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි සදහන් වෙයි.

2c7e4d93 9dab 4bb1 a137 51f0bbb266db

6028402b b140 410a 8436 f7be6ae21caf

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න