පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් සභාවට නොපැමිණීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේ ය.
ඒ, විපක්ෂ මන්ත්‍රී මනූෂ නානායක්කාර හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන අය අතර ඇති වූ සංවාදයක් දුරදිග යෑමෙනි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව උණසුම් මුහුණුවරක් ගත්තේ ය.
ඒ ඊයේ පස්වරුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගැටුම්කාරී තත්වය මුල්කර ගනිමිනි.
ඊයේ පස්වරු 05න් පසුව විපක්ෂයට අයවැය විවාදයේ අදහස් දැක්වීමට කාලය ලබා දීමට ආණ්ඩු පක්ෂය විරුද්ධ වීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්වයක් නිර්මාණය විය.
අද පාර්ලිමේන්තු ආරම්භයේදී යළිත් මේ ගැන සංවාදයක් ඇති විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
