පාකිස්ථානයේදී ඝාතනය වූ ලාංකිකයාගේ පුවත අසා මහත් සංවේගයට පත් වුණා - ජනපති

පාකිස්ථානයේදී ඝාතනය වූ ලාංකිකයාගේ පුවත අසා මහත් සංවේගයට පත් වුණා - ජනපති

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර  අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ එම පුවත අසා තමන් මහත් සංවේගයට පත්වූ බවය.

එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්තානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න