Language Switcher

V2025

රට විරුවන්ට සුබ පණිවිඩයක් !

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක් ගෙවන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.

විධිමත් නිල මුදල් හුවමාරු ක්‍රමවේදයන් මගින් එවන විදෙස් මුදල් සඳහා තවත් ප්‍රතිලාභ පිරිනමන බවත් මහ බැංකුව නිවේදනය කර ඇත.

මූල්‍ය වෙළෙඳ පොල විශ්ලේෂකයන් පවසන්නේ මෙරටට ඩොලර් එවීමට විදෙස් ගත ශ්‍රමිකයන් දක්වන පසුබෑම වැලැක්වීමට මේ තීරණය ගෙන ඇති බවයි.