චීනා ඉල්ලපු තරම් ණය නොදෙයි : බැසිල් ඉන්දියාවට හැරෙයි !

චීනා ඉල්ලපු තරම් ණය නොදෙයි : බැසිල් ඉන්දියාවට හැරෙයි !

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ලබා ගැනීමට රජය සැලසුම් කරමින් සිටින බව ආණ්ඩු හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ ද මෝර්නිං පුවත්පත වාර්තා කර සිටියි.

මේ පිළිබදව සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බවත් එම පුවත පවසයි.

ඉන්දීය සංචාරයේ දී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා , ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ එරට මුදල් අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ නිළධාරීන් මුණ ගැසීමට නියමිත බවත් එහි සඳහන් වෙයි.

ඊට අමතරව, ඉන්දීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇතැයි ද එම පුවත වාර්තා කර ඇත.

ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා විසදා ගැනීමේ මාර්ගයක් ලෙස ඉන්දියාවෙන් මෙසේ ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

මේ වන විට ශ‍්‍රී ලංකාව මාසිකව උපයන අපනයන ආදායම ඩොලර් බිලියන 1 කි. මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා යන වියදම ඩොලර් බිලියන 1.3 කි.

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබෙන්නේ මෙම වෙළද හිගය තවත් මාස පහක කාලයකට හෝ පියවා ගැනීම සදහා ය.

චීනා ඉල්ලපු තරම් ණය නොදෙයි !

මේ අතර මෝර්නිං පුවත්පත වාර්තා කර සිටින්නේ ශ‍්‍රී ලංකා රජය, චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ලබා ගැනීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මෙම මුදල් ලැබෙන්නේ ඩොලර්වලින් නොව, යූවාන් වලින් බවත් සඳහන් වෙයි.

ලංකාව, මෙම වසර මුලදී චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ඉල්ලා ඇත්ස්.

ලංකා රජය චීනයෙන් ඉල්ලා සිටින ලද එම ණය මුදල මෙතෙක් නොලැබුණු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා අවස්ථා කිහිපයක දී ම හෙළි කර සිටියේ ය.

කෙසේ වෙතත්, චීනයෙන් ඉල්ලා සිටින ලද එම ඩොලර් බිලියන 1.5 ක ණය මුදලෙන් ඩොලර් මිලියන 300 ක මුදලක් දෙසැම්බරයේ දී ලැබෙනු ඇතැයි ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න