ඩොලර් අර්බුදය ඉස්මුරුත්තාවට : ආහාර හිඟය අතේ දුරින් !

ඩොලර් අර්බුදය ඉස්මුරුත්තාවට : ආහාර හිඟය අතේ දුරින් !

රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා ඉදිරියේදී රටෙහි ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් මෙන්ම ඒවායේ මිල ඉහළ යාමක්ද, අපේක්ෂා කළ හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ මෙරට බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම නිසා දැනටමත් වරාය පරිශ්‍රයේ තුළ නිදහස් කර ගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් බහලුම් දහස (1000) ඉක්මවා පවතින බවයි.

මෙතෙක් මෙරටට භාණ්ඩ ලැබීමෙන් පසු (DP ක්‍රමය යටතේ) මුදල් ලබාදීමට එකඟ වී තිබුණද ශ්‍රී ලංකාවේ තුළ ඩොලර් හිඟයක් පවතින බවට ජාත්‍යන්තර පුවත් නිර්මාණය වීම මෙරට බැංකු ආයතන කෙරෙහි තබා තිබූ විශ්වාස නැතිවී තිබෙන බවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

මෙරටට ආහාරද්‍රව්‍ය සපයන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ පාකිස්තානය ඇතුළු රටවල සමාගම් මෙලෙස සීමා පැනවීම කර තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනගේ මැදිහත්වීමෙන් අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් කර ඇති අතර එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හිඟයක් නිර්මාණ නිර්මාණය වී මිල ඉහළ යාම වළක්වාගත නොහැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හා ආපදා තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ වෙත එළවළු ​නොලැබීමෙන් මතුව ඇති අර්බුදය නිසා ඉදිරියේදී ආනයනික අර්තාපල් සහ පරිප්පු සඳහා ඉල්ලුම් ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ආහාර තොග රැස්කර නොගත්තොත් දැනට පවතින මිලට වඩා තවත් මිල ඉහළ යා හැකි බව මෙහිදී ආනයනකරුවෝ රජයට අනතුරු අඟවති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවම වශයෙන් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 110ත් අතර මුදලක් වැයකරනු ලබයි.

– aruna

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න