හරිත කෘෂිකර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තියයි - ජනපති

හරිත කෘෂිකර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තියයි - ජනපති

හරිත කෘෂිකර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය බවත්, එළවළු, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග වැනි වගාවන් සඳහා අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  උපදෙස් ලබාදී තිබේ.

ඒ, පොහොර සහ කෘෂි රසායන සම්බන්ධයෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අද ජනාධිපති කාර්යාලයේදී සියලු පාර්ශව කැඳවා සිදුකළ සාකච්ඡාවේදීයී.

ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළි‍වෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවයි.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න