එළවළු නැතුව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වහයි !

එළවළු නැතුව නුවරඑළිය  ආර්ථික මධ්‍යස්ථානය වහයි !

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් (21) දින නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එලවළු තොග ලබාදිම ප්‍රතික්ෂේප කල නිසා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (21) දින වසා දැමුණු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසා ඇත.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි (21) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ නුවරඑලියේ එලවළු වගා ගොවින්ට අවශ්‍ය කරන රසායනික පොහොර , කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදිම හමුවේ ගොවින් මේ වන විට වගා කර ඇති අස්වැන්නේ ඵලදාව අඩුවිම හමුවේ එයට විරෝධය පැමක් වශයෙන් (21) දින නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත එලවළු තොග ලබාදිමෙන් වැලකි සිටි බවයි.

මේ බව සඳහන් පුවත ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් වාර්තා කර ඇති අතර, රටේ සමස්ත එලවළු වගා කරන ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර , කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදිම හමුවේ කොළඹ මැනිං වෙලදපොල , දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය , තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන රැසකටම දිනපතා ලැබෙන එලවළු තොග ප්‍රමාණය ඉතා අඩු වි ඇති බවත් පුවතේ සඳහන් වෙයි.

පවත්නා තත්ත්වය මත ඉදිරියේදි එම ආර්ථික මධ්‍යස්ථාන සම්පුර්ණයෙන්ම වසා දැමිමට සිදු වන බවත්,කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිලධාරින් මේ සදහා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම හමුවේ මෙම තත්ත්වය උද්ගත වි ඇති බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළ බවත් අදාළ පුවත පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න