රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස තවත් වසර දහයකින් දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් වෘත්තීය සමිති දරන ස්ථාවරය පිළිබදව රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබේ.
ලබන වසර සදහා වන අයවැය යෝජනාව මගින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ එම යෝජනාව පිළිබදව ඉදිරිපත් වී ඇති අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනිමින් නිසි විද්‍යාත්මක අධ්‍යයනයක් කර රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව එම සංගමය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති පදුල ශ්‍රී රෝහණ ද සිල්වා සහ ලේකම් ප්‍රදීප් ලක්ශාන්ත පවසන්නේ එම වාර්තාව සැකසීමේදී අනෙකුත් වෘත්තීය සංගම් හා අදාළ පාර්ශවයන් වෙතින් මෙන්ම මහජනතාවගෙන් මේ සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීමට එම කමිටුව විසින් තීරණය කර ඇති බවයි.
එම අදහස් හා යෝජනා
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පත්කළ පංච පුද්ගල කමිටු සාමාජිකයන්ගේ නම් එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් කර නොමැත.
නොවැම්බර් 12 වැනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 අයවැය යෝජනාව මගින් යෝජනා කර තිබුනේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීමටයි.