''ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන්න'' : පාඩු ලබන හේතුව රවී කියයි !

''ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන්න'' : පාඩු ලබන හේතුව රවී කියයි !

ශ්‍රී ලන්කන් ආයතනය ලාභ ලබන ආයතනයක් ලෙස ගොඩනැගීමට නොහැකි වී ඇත්තේ කළමනාකරණ යේ වරදක් නිසා බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

කරුණානායක මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලන්කන් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය යට පත් කිරීමෙන් අර්බුදය විසඳා ගත හැකි බවයි.

අධ්‍යක්ෂක මණ්ඩලය ගන්නා තීරණ විෂය භාර ඇමැතිවරයා නොදන්නා තත්ත්වයක් තුල ශ්‍රී ලන්කන් ආයතනය ඉදිරියට ගෙනයාම කළමනාකරණයේ අකාර්යක්ෂම තාවයක් බව පැහැදිලි වන බවද කරුණානායක මහතා කියා සිටියි.

ශ්‍රී ලංකන් ආයතනය ලාභ ලබන ආයතනයක් ලෙස ගොඩනැගීම ඉතා පහසු බවත් කළ යුත්තේ එහි කළමනාකාරිත්වයට දක්ෂ නිලධාරීන් පත්කිරීම බවද පැවසීය.

ශ්‍රී ලංකන් ආයතනය මේ වන විට විශාල පාඩු ලබන ආයතනයක් බවට පත් වීමෙන් එය ජාතික ආර්ථිකයට විශාල හානියක් බවද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය .

 මන්ත්‍රී වරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ (20) තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

දිගන හා තෙල්දෙණිය ප්‍රදේශය වල ගැටුම් වලින් මියගිය තරුණයින් ගේ නිවාස වල භාවිතය සඳහා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ බෙදාදීම වෙනුවෙන් උත්සවය පැවැත්විණි .

යහපාලනයට දිගටම බාධා :

එහිදී අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ යහපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා කොතෙකුත් උත්සාහ දැරුව ද ඇතැම් අවස්ථාවන්, හිදී ඊට බාධා එල්ල වන බවයි.

වංචා දූෂණ සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීමට ඇතැමුන් විරුද්ධ වීම තුලින් පැහැදිලි වන්නේ යහපාලනය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීමට ඇති බාධාවන් බවද හෙතෙම කියා සිටියේය.

යෝජිත විශේෂිත අධිකරණය කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉලක්ක කර ගෙන පිහිටුවන අධිකරණයක් නොවන බවත් එය පිහිටුවීමේ කාර්ය අධිකරණයට භාර දී ඇති බවත් නීති ක්ෂේත්‍රයේ තර්ක විතර්ක මත අධිකරණය නිසි ලෙස ක්‍රියා කරනු ඇති බවත් කරුණානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රී වරුන් වන ලයන් මනෝ, නෝබට් ප්‍රනාන්දු යන මහත්වරු ද එක්ව සිටියහ .IMG 20180320 094605

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න