ගෝඨාගේ පොලිටිකල් ගේමකට බැසිල්ගෙන් බාල්දියක් !

ගෝඨාගේ පොලිටිකල් ගේමකට බැසිල්ගෙන් බාල්දියක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව කඩිනම් නොකළයුතු බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසා යන මන්ත්‍රීවරුන් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

විශ්වාසභංග යෝජනාව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ අද (20) පැවති හමුවේදී මෙය සිදුව ඇත.

ප්‍රසන්න සහ ලංසාට බැසිල්ගෙන් උපදෙස්

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාව තුළ දැඩිව අවධාරණය කරන ලෙසට බැසිල් රාජපක්ෂ විසින් අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනාට උපදෙස් දී ඇත.

ඒ හේතුව මත විශාවසභංග යෝජනාව ගෙන ඒම පමා කිරීමට හේතු දක්වමින් මෙම මන්ත්‍රීවරුන් දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති නමුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරුන් රැසක් එම යෝජනාවට විරෝධය පළකර ඇත.

විශ්වාසභංගය ගැන විශ්වාසය භංග කරන්න එපා !

එහිදී ප්‍රසන්න- ලංසා යෝජනාවට විරුද්ධත්වය පලකළ මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත්තේ තවදුරටත් විශ්වාසභංගය පමා කිරීමට කටයුතු කිරීම අවාසිදායක බවත් ඒ හේතුවෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයට සහය දීමට අපේක්ෂාවෙන් සිටින මැති ඇමතිවරුන්ගේ අදහස වෙනස්වීමේ අවධානමක් ඇති බවය.

එසේම මේ වන විටත් ඒ වෙත සහය ලබාදෙන බවට පොරොන්දුවූ මන්ත්‍රීවරුන්ට තම පාර්ශවය කෙරෙහි විශ්වාසය නැතුව යා හැකි බවත් එහෙයින් මෙතෙක් සාකච්ඡා කරගෙන ඇති ආකාරයට විශ්වාසභංගය කඩිනම් කිරීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

ගෝඨාභයගේ ගේමට බැසිල්ගෙන් බාල්දියක් !

මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා වන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කාලයක පටන් බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඒකාබද්ධ විපක්ෂය තුළ තිබෙන සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම විවාදය මතුව ඇති බවය.

මහින්ද නැති දවසට බැසිල් - ගෝඨා ගැටුම ස්ථිරයි

එහිදී බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයට හිතවත් ආකාරයටත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිප පාර්ශවයත් සමීපව කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ සංවාදයක් පවතින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බොහෝ සාකච්ඡා අවස්ථා වලදී මෙම දෙපාර්ශවය අතර විවාද හටගන්නා බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය පාර්ශවය බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම අදාළ යෝජනාව ගෙන එමින් බැසිල් පාර්ශවය විශ්වාසභංගය හමුවේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම සඳහා ඩීල් දමන බවත් ඒ හේතුවෙන් අදාළ උත්සාහය පරාජය කරවා කඩිනමින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලයුතු බවට "ගෝඨාභය" පාර්ශවයේ අදහසවී ඇති බවද වාර්තා වෙයි.

මෙම විවාදය සිදුවූ අද දිනයේද පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීව සිට නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න