බඩු මිල ඊළඟ අවුරුද්දේ තවත් ඉහළට : ඇමති අමරවීර කියයි !

බඩු මිල ඊළඟ අවුරුද්දේ තවත් ඉහළට : ඇමති අමරවීර කියයි !

අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම පාහේ මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසරේදී මෙම තත්ත්වය මීටත් වඩා අසීරු වනු ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ අගුණුකොල පැලැස්සේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් ය.

“රජයට මූල්‍යමය ගැටළුවකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපට අද අපි ගත් ණයවල වාරිකයයි පොළියයි ගෙවාගන්න නැවත ණය ගන්න වෙලා තියෙනවා. ඒ තරමට අපේ රට අද ආපස්සට ගිහිල්ලා තියෙනවා.

අත්‍යවශ්‍ය දේවල් සියල්ලම මිල වැඩිවෙලා, ඒක අපි දන්නවා. මේකට දැන් මුහුණ දෙන්න වෙනවා. මේක හෙට අනිද්දා ඉවර වෙනවා කියලා අපට කියන්න බෑ. මම නම් හොඳටම දකින දේ තමයි ලබන අවුරුද්දේ මීට වඩා අමාරු වෙන්න ඉඩ තියෙනවා.

ආණ්ඩුවට බනින බව අපි දන්නවා. නමුත් කරන්න දේකුත් නෑ මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

දැන් ගෙවල් හදන එක හීනයක් බවට පත්වෙමින් යනවා. සෑම බඩුවකම මිල වැඩි වෙලා. ආහාරත් ආකාරයෙන්ම මිල වැඩි වෙලා. දිගටම අපිට මේක මුහුණ දෙන්න වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ආහාර හිගයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක ආහාර සංවිධානයක් කියා තිබෙනවා"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න