ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරන චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස දන්වා තිබේ.
එම චීන සමාගම සිය නීත්ඥ සමාගම හරහා ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාට සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බව දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
අදාළ චීන සමාගම විසින් සපයන ලද පොහොර වල හානිකර බැක්ටීරියා ඇතැයි කියමින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් ඔවුන් විසින් මෙම ලිපිය යොමු කර ඇති බවත් වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරණ සමාගම සඳහන් කර ඇත්තේ දෙරටට පිළිගත හැකි තෙවන පාර්ශව වෙතින් නැවත පරීක්ෂා කළ යුතු බවයි.
එසේම චීන තානාපති කාර්‍යාලය විසින් මෙරට විෂය සම්බන්ධ අමාත්‍යවරුන් කැඳවූ අවස්ථාවේ තෙවැනි පාර්ශ්වයක පරීක්ෂණ වාර්තාවක් සඳහා එකඟ වූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණ.
මේ අතර මාධ්‍යය වාර්තා පවසා සිටින්නේ අදාල නෞකාව මේ වන විට කළුතරට නුදුරු මුහුදේ යාත‍්‍රා කරමින් ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
