සිස්ටම් කනේ යයි : ගෑස් මිල හිතුමතේ ඉහළට !

සිස්ටම් කනේ යයි : ගෑස් මිල හිතුමතේ ඉහළට !

පවතින ගෑස් හිඟය හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාරිකයන් රුපියල් 2500-3500 පරාසයක විවිධ මිල ගණන් යටතේ ගෑස් අලෙවි කෙරේ.

මෙලෙස විවිධ මිලට අලෙවි කළත් ගෑස් ලබාගැනීමට නොහැකිව පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂර ජයසිංහ පැවැසුවේ ගෑස් තොග රැගත් නෞකාවක් පැමිණ ඇති බැවින් පවතින හිඟය සතියකින් පමණ අවසන් වන බවයි. දෛනිකව ගෑස් සිලින්ඩර අසූදහසක් වෙළෙඳපොළට නිකුත් කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර පාරිභෝගිකයන්ට අඩුමිලට ගෑස් සැපයීමට නොහැකිව ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ බලපෑම මත අත්සන් කර දැනට ක්‍රියාත්මක ගෑස් සැපයුම් ගිවිසුම හේතුවෙන් බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පෙන්වා දෙයි. දැනට ’ඕමාන් ට්‍රේඩින්’ ආයතනය සමග අත්සන් තබා ඇති මෙම ගිවිසුම හේතුවෙන් විවෘත වෙළෙඳ පොළේ ඩොලර් 600ක වැනි මිලකට අලෙවි වන ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 800ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවත් මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 25ක් වැනි මුදලකට ප්‍රවාහනය කර ගැනීමට හැකියාව තිබියදී ඒ වෙනුවෙන් ටොන් එකකට ඩොලර් 105ක් ලෙස ඉහළ මිලක් ගෙවීමට සිදුව ඇති බවත් ලිට්‍රෝ සුරැකීමේ එකමුතුවේ සභාපති නලින් සමන්ත පැවසීය.

ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපනශාලා හා හෝටල් පවත්වාගෙන යාමටද අසීරු වී තිබේ. ඇතැම් හෝටල් ඊයේ (07 වැනිදා) පස්වරුවේ වසා දමා තිබුණේ ගෑස් නොමැති නිසා ආහාර සැකසීමට නොහැකි බව ප්‍රකාශ කරමිනි.

– Aruna

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න