නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට : නව නිලධාරීහු පත්වෙති !  

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට : නව නිලධාරීහු පත්වෙති !  

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වාර්ෂික මහ සභාව 2021 නොවැම්බර් 2 වන දා කොළඹ 05, බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ අතර එහිදී සංවිධානයේ නව කැඳවුම්කරු වශයෙන් මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා තෝරා පත්කරගනු ලැබීය.

සංවිධානයේ නව ලේකම්වරිය ලෙස හනා ඊබ්‍රාහීම්, භාණ්ඩාගාරික ලෙස ආනන්ද ජයසේකර සහ උප ලේකම්වරිය ලෙස නිරංජනී රෝලන්ඩ් යන සාමාජික සාමාජිකාවන් තේරී පත් වූහ.

ඉදිරි වර්ෂය සඳහා තෝරා පත්කරගනු ලැබූ විධායක කමිටු සාමාජිකත්වය මෙසේය.

සීතා රංජනී, සී. දොඩාවත්ත, තාහා මුසම්මිල්, උදය කළුපතිරණ, රුකී ප්‍රනාන්දු, ප්‍රියා සිවසුන්දරම් , දිලීෂා අබේසුන්දර, සමන් සී. ලියනගේ සහ ජාවිඩ් මුනවර්.

සංවිධානයේ භාරකාර මණ්ඩලය ලෙස නීතිඥ එස්.ජී. පුංචිහේවා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර තෝරා පත්කරගනු ලැබීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සභාව අමතමින් මෙසේ පැවසීය.

“ලෝකය පුරා ඝාතනයට හා අතුරුදන්වීමට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොවීම සිහිපත් කරන අද වැනි දිනක (නොවැම්බර් 2 වනදා) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නේ ශ්‍රී ලංකාව තුළත් පසුගිය කාලය පුරා ඝාතනයවූ , අතුරුදන්වීමට හා හිංසනයට පත්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්ට යුක්තිය ඉටු නොවූ වාතාවරණයක් තුළයි. මාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි; මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශනයේ අයිතිය භාවිත කරන සිවිල් ක්‍රියාධරයින්ටත්, සාමාන්‍ය පුරවැසියන්ටත් භාෂණයේ සහ ප්‍රකාශනයේ යෙදීම නිසා වර්තමානයේ විවිධ තර්ජන සහ දැඩි අවධානම් සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා මාධ්‍ය නිදහස සුරැකීම මෙන්ම මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් භුක්ති විඳියහැකි වඩාත් යහපත් සමාජයක් ඇතිකර ගැනීම සඳහා අද දවසේ අප සැම වෙත විශාල වගකීමක් පැවරී තිබෙනවා.”

අතීතයේ ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදවලදී පවා අභියෝග හමුවේ නොසැලුණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මින් ඉදිරියටත් තම සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට නොපැකිළෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 MG 3697

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න