දෙමළ මුස්ලීම් පක්ෂ යාපනයේ රැස්වීමක් : රජයට යෝජනා 5 ක් !

දෙමළ මුස්ලීම් පක්ෂ යාපනයේ රැස්වීමක් : රජයට යෝජනා 5 ක් !

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් ඊයේ(02) උදෑසන යාපනයේ පෞද්ගලික හෝටලයකදී පවත්වා ඇති අතර එහිදී රජයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා 5ක් සම්මත කරගෙන ඇත.

ඒ, 1. ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවගේ දීර්ඝ කාලීන අභිලාෂයන් වූ දේශපාලන විසඳුමක් ඉතාම ඉක්මනින් ලබා දීම.

  1. 13 වන සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීම.

  2. ආණ්ඩුකාරවරුන් යටතේ පවත්වන පළාත් සභාවලට අවශ්‍ය වූ ඒ මැතිවරණය ඉතාම ඉක්මනින් පැවැත්විවීම.

  3. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම.

  4. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අය නිදහස් කිරීම. එම යෝජනා වෙයි.

පැය තුනකට අධික කාලයක් පැවති එම රැස්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය, ජනතා ගැටලු මෙන්ම දෙමළ සහ මුද්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.

එහිදී මාධ්‍ය වෙත කරුණු දැක්වූ මුස්ලිම් කොංග්‍රස් නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ” එකම රට – එකම නීතිය කියන සංකල්පයක් යටතේ ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කරලා තියෙනවා. එම බළකාය හරහා මේ රටේ ජනතාව අතර තියෙන සංහිඳියාව, එකමුතුකම සම්පූර්ණයෙන් ම විනාශ වියහැකියි කියන අනාවැකිය අපි ප්‍රකාශ කරනවා. ඒ ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම අපි ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙන් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න