ඥානසාර හිමිගේ පත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් විරුද්ධයි !

ඥානසාර හිමිගේ පත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් විරුද්ධයි !

එක් රටක්’, ‘එකම නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය නුසුදුසු සහ නීති සම්පාදනය සඳහා වූ පිළිගත් රාමුවෙන් බැහැර වූ එකක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දි ඇත.

එක රටක් – එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරණ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ එම විෂය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සම්පාදනය කර ඇති නීති කෙටුම්පත සහ එහි යෝග්‍යතාව අධ්‍යයනය කළ යුතු බවයි.

එම ලිපිය මගින් වැඩිදුරටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ මෙරට තුළ එම සංකල්පය ක්‍රියාත්මක කරන ආකාරය කාර්ය සාධක බළකාය විසින් අධ්‍යයනය කළ යුතු අතර එම අරමුණ වෙනුවෙන් නීතියක් කෙටුම්පත් කළ යුතු බවයි

නීති සම්පාදනය සඳහා ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම සම්පාදනය කර ඇති බව පෙන්වාදෙන නීතිඥ සංගමය වෙනත් නීති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මඟින් ශක්තිමත් කර ඇති බව ද සඳහන් කළේය.

එම අරමුණ වෙනුවෙන් ප්‍රමාණවත් නීති සහ ස්ථාවර නියෝග ද, යෝග්‍ය යාන්ත්‍රණයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ මේ වන විටත් අන්තර්ගත වන බව ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න