තිස්ස කුට්ටිලා , ශෙහාන්ලා, සාගරලාව : කවුද ගණන් ගන්නේ ? දයාසිරි

තිස්ස කුට්ටිලා , ශෙහාන්ලා, සාගරලාව : කවුද ගණන් ගන්නේ ? දයාසිරි

ශෙහාන් සේමසිංහ, තිස්සකුට්ටි ආරච්චි හෝ සාගර කාරියවසම්ලා තමන් ගණන් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අමාත්‍ය විමල් වීරවංශ – උදය ගම්මන්පිල – වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ සෙසු පක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මහජන මන්ත‍්‍රණ සභාවේ දී එම පක්ෂ නායකයන් ආණ්ඩුව දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර ඊට පොදුජන පෙරමුණේ මේ මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් කරුණු විමසීමේදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙසේ පවසා ඇත.

දේශපාලන පළපුරුද්ද නැති අය තමන්ව විවේචනය කළත්, අගමැති මහින්ද රාජපක්ෂ වැනි අයෙකු කිසි විටෙකත් තමන්ව හෝ තම කණ්ඩායම විවේචනය නො කරන බව ද අමාත්‍යවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න