ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමට සතියක කාලයක් ලබා දෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙයි.
රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබිණි.
නමුත් එම පියතුමන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොසිටි අතර, ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තිදෙනෙකු එහි පැමිණ අදාළ සතියක් කල් ඉල්ලන ඉල්ලීම සහිත ලිපිය භාරදී තිබේ.
ශාන්ති කුමාර් වැලිවිට පියතුමන්, රවීන් සඳසිරි පියතුමන් සහ ශ්‍රීනාත් මනෝජ් පියතුමන් මෙලෙස පෙරවරුවේ සී.අයි.ඩී.ය වෙත පැමිණ ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් කරනු ලැබූ ලිඛිත ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර සිය ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිළිගත් බව ඉන් පිටතට පැමිණි පියතුමන්ලා මාධ්‍ය වෙත පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
