හෙට ඡන්දයක් තිබුණොත් අපි පරාදයි - ශෂීන්ද්‍ර රාජපක්ෂ

හෙට ඡන්දයක් තිබුණොත් අපි පරාදයි - ශෂීන්ද්‍ර රාජපක්ෂ

ඉදිරි කන්නයන්හි සිදු කරන වගාවන්වල ඵලදාවන් අඩු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ  පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ප්‍රථම කාබනික පොහොර නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ  ගෙන ඇත්තේ, මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලනඥයෙකු නොගන්නා තීරණයක් බවයි.

”මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලනඥයෙක් ගන්නේ නැති තීරණ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. මේක පැහැදිලිව කියන්න ඕන. හෙට ඡන්දයක් තිබ්බොත් අපේ හාමුදුරුවනේ අපි පරාදයි.  වස විස කාලා මේ රටේ මිනිස්සු මැරුණත් කමක් නැහැ, මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ ඉදගන නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තීරණය ගත්තේ”

හදවතට එකඟව සිදු කරන්නේ, නිවැරදි ක්‍රියාවක් නම්, කෙතරම් අවලාද එල්ල වුව ද ඒවා නොතකා ගමන ඉදිරියට යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

”බැණුම් අහන එක දැන් අපේ පවුලේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේ නම්, හරි වැඩේ නම් මොන තරම් අවලාද අපිට යෙදුවත්, අපි අපේ ගමන අනිවාර්යෙන් යන එක යනවා කියන එක මම කියනවා. පොඩි අතපසුවීමක් වුණා. මගේ අදහස තියෙන්නේ ජෛව දියර පොහොර ඒ තාක්ෂණයත් එක්ක යන එක. නමුත් යම්කිසි ආකාරයකින් ඵලදාවේ අඩුවක් ආවොත් අපිට සැකයක් තිබුණා අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? යම් කිසි වගාවේ අඩුවක් වුනොත්, ඒ වගාව පිළිබඳව රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා. යම් අඩුවක් වුනොත් ගොවි රක්ෂණ මණ්ඩලය විසින් සියලුම ගොවියන්ට අවශ්‍ය ඒ වන්දි ලබා දිම, අපි කරනවා. කිසිම සැකයක් තියා ගන්න එපා. රජයක් විදිහට අපි ආවට ගියාට හිතුමතේ තීරණ ගන්නේ නැහැ. ඒ සියල්ල පිළිබඳව හොද අවබෝධයෙන් තමයි අපි කටයුතු කරන්නම”

News1t

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න