චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇතැයි හාබර් මාස්ටර්වරයා පවසයි.
ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කර තිබුණේ අදාළ නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000ක් සමග ඊයේ (22) මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවයි.
අදාළ නෞකාවේ අඩංගු පොහොරවල අහිතකර බැක්ටිරියා ඇති බව ද ජාතික ශාක නිරෝධායන සේවය වරාය දැනුවත් කර තිබේ.
ඒ අනුව, අදාළ නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත් නෞකාවේ පැමිණිම ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා සඳහන් කළේ ය.
මේ අතර පසුගියදා අදාළ ආයතනයෙන් ලබාගත් පොහොර සාම්පලවල අර්විනියා නමැති බැක්ටිරියාව ඇති බවට අවස්තා ක්2කදී තහවුරු වී තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
