ඇමතිලා 8 යි : ඌවේ ගොවිතැන් විනාශයි - හිටපු ආණ්ඩුකාර

ඇමතිලා 8 යි : ඌවේ ගොවිතැන් විනාශයි - හිටපු ආණ්ඩුකාර

"මහියංගන, රිදීමාලියද්දේ, ඌරණිය, අදාඋල්පත, ගිරාදුරුකෝට්ටේ ගොවියෝ වගා කරන්න සුදානමක්වත් නෑ. වල් නාශක නැතුව, පොහොර ගැන කථා කරනවා. පොහොර දුන්නත් වල් නාශක, කෘමි නාශක නැතුව පහළ ඌවේ වගා කරන්න බැරි බව මේ කෘෂිකර්මට සම්බන්ධ ඇමතිලා 8 න් එකේකෙනෙක් දන්නේ නෑ." යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

රිදීමාලියද්දේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ අදහස් දක්වා ඇති අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

සීත කාමරවල ඉදන් කියන එකම කතාවක්වත් මොණරාගල, බිබිල, නාමල්ගම, බුත්තලට ඇවිත් කියන්න ඔය එක ඇමති කෙනෙකුටවත් බෑ.

ලංකා ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ කෘෂිකර්මය ගැන හැඟීමක් නැති ආණ්ඩුවක් බිහි වෙලා නෑ. හිටපු කෘෂිකර්ම ඇමති කෘෂිකර්ම උපාධිධාරියෙක්. සී.පී. ද සිල්වා ට කියන්නේ මින්නේරිය දෙයියෝ කියලා. පිලිප් ගුණවර්ධන තමයි කෘෂිකර්ම පර්යේෂණ දියුණු කළේ. පැය දෙනෙක් රහංගල ගොවිපල රජයට අරගෙන කරලා පෙන්නුවා. එම්.ඩී.බණ්ඩා දක්ෂයෙක් විතරක් නෙවෙයි කුඹුරට බැහැලා වැඩ කරපු ගොවියෙක්. ගාමිණී දිසානායක මහවැලිය හදලා රට අස්වද්දලා, කෘෂිකර්මය ව්‍යාපාරයක් විදිහට දියුණු කරපු ප්‍රඥයෙක් වෙච්ච කෘෂිකර්ම ඇමති.

මහ කන්නයට බෙහෙත් පොහොර දෙන්න බැරුව රටම සාගතයකට යවනවා. උඡාරුවට කියනවා වසංගතයකින් පස්සේ සාගතයක් එනවා ලු. සාගතයක් එනවා නෙවෙයි සාගතයක් ගෙන්නා ගන්න හදනවා. කොරෝනාවට බෙහෙත් - පොහොර තහනම සම්න්ධයක් නෑ. බෙහොත් පොහොර තහනම් කළේ හොරකං කරන්න. ගජ මිතුරන්ට බිස්නස් හදලා දෙන්න. චීන අශුචි ටික ලංකාවේ හලලා මඩිය තර කර ගන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න