මැකුණු දත්ත හොයන කමිටුව හංගයි !

මැකුණු දත්ත හොයන කමිටුව හංගයි !

රජයේ නිල ක්ලවුඩ් දත්ත පද්ධතියේ ගබඩා කර තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත යළි ලබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රයාත්මක වන කමිටුවේ සිටින්නේ කවු ද? මේ පිළිබඳව රටට විශ්වාසයක් ගොඩ නැගිය හැක්කේ, එහි සාමාජිකයන් ගැන දැන ගත හොත් පමණි.

ඒ පිළිබඳව අප ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් විමසීමක් කළේ ය.

කෙසේ‌ වෙතත් අමාත්‍යංශ ලේකම්වරය සඳහන් කරන්නේ, කමිටුවට ඉතාම සාධාරණව, බලපෑම්වලින් තොරව කටයුතු කරගෙන යාම අවශ්‍ය බැවින් කමිටු සාමාජිකයින් කවුරුන්ද යන්න පිළිබඳව හෙළි නොකරන බවයි.

එපික් ආයනය විසින් අදාළ කමිටුවේ අධීක්ෂණය මත දත්ත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතු සිදු කරන බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරත් සඳහන් කළේ ය.

”මේ වෙනකොට දත්ත මැකී යාම සම්බන්ධයෙන් අපිට ලබාදීල තියෙන පිටපත අපි NMRA එකට ගෙනල්ලා, ඩේටා රිකවර් කරන්න කටයුතු කරනවා. කමිටුවේ අධීකෂණය මත එපික් ආයතනයට තමයි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ බලතල දීල තියෙන්නෙ, මොකද එපික් ආයතනය තමයි රිකවර් කරන්නේ. පහසුකම් ඕන වුණොත්, ICTA එකෙන්. අධීක්ෂණයට කොළඹ විශ්වවිද්‍යාලය හා කටුබැද්ද විශ්වවිද්‍යාලයෙනුත් කණ්ඩායමක් පත් කරලා තියෙනවා. NMRA සෞඛ්‍ය අමාත්‍යංශයේ එක්කෙනා බැගින් ඉන්නවා. කමිටුවට බලපෑමක් නැතිව ඉතාම සාධාරණව කටුයුතු කරගෙන යන්න ඒ පරිසරය හදලා තියෙන්නේ. එපික් ආයතනය කියන විදිහට මේ දත්ත ඉක්මනින් ප්‍රතිෂ්ඨාපනය කර ගන්න පුළුවන් වෙයි. අපේ කමිටුව පත් කරල තියෙන්නේ ඒ අයට ඉතාම සාධාරණව බලපෑම්වලින් තොරව සාධාරණව කරගෙන යන්න තමයි අපි කමිටුව හෙළිදරව් නොකරන්නේ”

( news 1st )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න