''ගෝඨාභය අගමැති කිරීමේ සැලසුමක් නැහැ '' - මහින්ද

''ගෝඨාභය අගමැති කිරීමේ සැලසුමක් නැහැ '' - මහින්ද

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.

2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවාදැයි විදේශ මාධ්‍යවේදියෙකු විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවමත් එවැනි තීරණයක් නොමැති බවය.

"ජනතා කැමැත්ත අනුව එය තීරණය වේවි. ගෝඨාභය ද නැත්නම් වෙන කවුරු හරිද කියලා"

රාජපක්ෂ කඳවුරට රට තුළ තවමත් 50% ක ඡන්ද ප්‍රතිශතයක් නොමැති බවට ආණ්ඩුව ගෙන එන තර්කය ගැන නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ජන්දවලින් 75% ක් ජාතික මැතිවරණයකදී තම කඳවුරට ලැබෙන බවය. ඒ හේතුවෙන් 50% ලබාගැනීම ගැටලුවක් නොවන බව ඔහු සඳහන් කළේය.

 ජාතිවාදී කෝලාහලයට සම්බන්ධ නැහැ :

theldeniya 3පසුගිය සතියේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී කෝලාහලය ගැන මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම කෝලාහලයට තම පොහොට්ටු පක්ෂයේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

ඊට එම පක්ෂය සම්බන්ධ බවට ආණ්ඩුව චෝදනා කර ඇති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවැනි සම්බන්ධයක් එම පක්ෂයට නොමැති බව අවධාරණය කළේය.

ප්‍රහාර සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට මෙම අවස්ථාවට එක්ව සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, රටේ 100 දෙනෙකු අත්අඩංගුවට ගතහොත් එයින් 55 දෙනකු පොහොට්ටුවේ සාමාජිකයන් වනු ඇති බවය. වර්තමානයේ රටේ ජනමතය එය බව ඔහු පැවසුවේය.

"අවාසනාවකට ඔබලා මාධ්‍යවල මේවට හාමුදුරුවරු සම්බන්ධ බවට කිව්වම, මතයක් එන්න පුළුවන් මේකට රාජපක්ෂලා සම්බන්ධයි කියලා" යනුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

මහනුවර ගැටුමේදී කතාබහට ලක්වූ මඩකලපුව ශ්‍රි මංගලාරාමයේ විහාරාධිපති හිමිනම මහනුවර ගැටුමට දින කීපයකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ද ජනාධිපතිවරයා හමුවී ඇතැයි ප්‍රකාශ කළේය.

තම ආණ්ඩු කාලය තුළ අලුත්ගම ගැටුම හටගත් විට එය දිනකින් පාලනය කිරීමට තමන්ට හැකිවූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මහනුවර ගැටුම දින ගණනාවක් ඇදී යාම ආණ්ඩුවේ ආසාර්ථක පරිපාලනය පෙන්වන තවත් උදාහරණයක් බව සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න