චීන කාබනික පොහොර බව කියන දෙවැනි සාම්පලයත් ෆේල් !

 චීන කාබනික පොහොර බව කියන දෙවැනි සාම්පලයත් ෆේල් !

රසායනික පොහොර අත්හිටුවීමත් සමඟ මෙරට වගාවන්ට යෙදීම සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර නිදර්ශක නැවත වතාවක් මෙරට පරීක්ෂණවලදී අසමත් වී ඇති බව නිල වශයෙන් තහවුරු වෙයි.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝදායන ඒකකය මගින් සිදුකරන ද පරීක්ෂණයේදී දෙවැනි වරට ඒවා එසේ අසමත් වී ඇත.

ජාතික ශාක නිරෝධායන සේවයේ අධ්‍යක්ෂ එම්. වික්‍රමාරච්චි විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා කෘෂිකර්ම අමාත්‍යංශයට ඊයේ (28) මේ බව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අදාල පොහොර වලට සිදුකරන පරීක්ෂණ අනුව ඒවා ජීවානුහරණය කර නැති බවත් ක්‍ෂද‍්‍ර ජීවින් සිටින බවත් එමගින් දැනුම්දි ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව එම පොහොර මෙරටට ආනයනය කිරීමට සුදුසු තත්ත්වයක නැති බවත් වා ආනයනය නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

CID විමර්ශනයත් තේරුමක් නෑ !

කෙසේ වුවත් චීනයෙන් ආනයනය කිරීමට යෝජිත කාබනික පොහොර බව කියන ද්‍රව්‍ය වල පළමු නිදර්ශක වල ඉතාම අහිතකර ක්ශුද්‍ර ජීවීන් අඩංගු බව අනාවරණය වීම සමග කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවය.

අතර මගදී අදාළ නිදර්ශක වෙත ක්ශුද්‍ර ජීවීන් ඇතුල් කිරීමක් ගැනත් සැකසංකා ප්‍රසිද්ධියේ පළවිය. කෙසේ වුවත් මේ දෙවැනි දර්ශක පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වාදී ඇත්තේ ඒ සියලු කතා කතා මිස වැඩි දෙයක් නොවන බවය.

කතා පැත්තකින් තැබූ පසුව ප්‍රශ්නය එන්නේ ගොවීන්ට ය. ඒ දැන් ගොවීන්ට පොහොර කෝ කියාය.

කොහොම නමුත් මේ චීන අපද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට හැකිවීම මේ වන විට කාබනික පොහොර අදාළ චීන සමාගමෙන් ගෙන්වීමට ගෙන තිබූ තීරණය හකුළාගෙන ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න