දයාසිරි ඉල්ලා අස්වෙන්නේ : අලුත් සන්ධානයක් හදන්න !

දයාසිරි ඉල්ලා අස්වෙන්නේ : අලුත් සන්ධානයක් හදන්න !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් සභා මැතිවරණයක් අවස්ථාවේ දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් ඉඟිකෙරෙන ප්‍රකාශයක් එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිදුකර ඇත.

ඒ පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරග වැදීමට තමා සූදානම් බවත්, වයඹ පළාතෙන් තමාට එවැනි ඉල්ලීම් ගණනාවක් දැනටමත් ලැබී ඇති බවත් පවසමිනි.

එහිදී ශ්‍රීලනිප මහ ලේකම්වරයා පැහැදිලිව පක්ෂය ඉදිරියේදී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ නම් එම තීරණය ගැනීමට එක පයින් සූදානම් බවක් පවසයි.

එසේම වයඹ පළාතේ හිටපු මහ ඇමැති විදිහට එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇති බවත්, තමාට වයඹ මහ ඇමැති ධූරය සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පෙරද අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව පළාත් සභා මැතිවරණයක් අවස්ථාවේ තරගකර ඉහළින් ජයග්‍රහණය කළ අයෙකි.

ඒ අනුව දේශපාලන විචාරකයන් පවසන්නේ ශ්‍රීලනිප වෙනම සන්ධානයක් වෙනුවෙන් පාක්ෂිකයින් පෙළඹවීමක් මේ හරහා පෙන්නුම් කරන බවයි.

ඇතැම් විට එය විපක්ෂයේ තරුණ දේශපාලන නායකයන් රැසක් එක්වන ජනප්‍රිය සන්ධානයක ස්වරූපය ගැනීමට ඉඩ ඇති බවත් විචාරක පුරෝකථනය වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න