අනුර ඥානසාර හිමිගේ ප්‍රකාශයේ සැකතැන් පෙන්වයි !

අනුර ඥානසාර හිමිගේ ප්‍රකාශයේ සැකතැන් පෙන්වයි !

"මේ ආණ්ඩුව ලේ වැකි කුමන්ත්‍රණයක නියැලෙනවාද කියන සාධාරණ ප්‍රශ්නය මතුවී තිබෙනවා. මේ රටේ සියලුම පූජ්‍ය පක්‍ෂවලින් අපි ඉල්ලන්නේ හීටට එරෙහිව ඉදිරියට එන්න කියලා. ඇති තරම් ලේ වැගිරූ, භිතියට පත්වුණු රටක නැවත එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීමට පෙරට එන්න කියලා අපි ඕනෑකමින් ආරාධනා කරනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී , අනුර කුමාර දිසානායක පවසයි.

අද (29) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වූ අතර , එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

අසාර්ථක පාලකයන් හැම වෙලාවෙම ජනතාව අතර අනියත බියක්, සැකයක් ඇති කරනවා. පාස්කු ප්‍රහාරය විශාල වශයෙන් උපයෝගී කරගෙන බලයට අවාට පස්සේ ඔවුන්ටම දැන් පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ප්‍රහාරය ඔවුන් බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක්ද කියලා සමාජයේ මතයක් ගොඩනැගෙමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරය වෙලාවේදී කාදිනල්තුමා විශාල කාර්යභාරයක් ඉටු කරමින් කතෝලික ජනතාව සන්සුන් කර තබාගත්තා.

කතෝලික ජනතාවගේ තිබුණු විරෝධය ප්‍රචණ්ඩකාරී තත්වයකට පත් නොකිරීම වෙනුවෙන් කාදිනල්තුමා ඉටුකළ කාර්යභාරය අද මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ විශාල පැසසුමකට ලක්වුණා. නමුත් අද වෙනකොට කාදිනල්තුමා දෙවුර මත පටවා ගත් බර එහෙමම තිබෙනවා. නිරවුල් නොවුණු තැන් පිළිබඳව කාදිනල්තුමන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණා. ඊට ප්‍රතිචාර වශයෙන් නීති නිලධාරියෙකුගෙන් ලිපියක් යවා තිබුණා.

ප්‍රහාරය ආවරණයක් කරගත් පාලකයන් කාදිනල්තුමා පවරා ගත් ශුද්ධ වූ අයිතිය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් කරන්නේ නැහැ. කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් කොටස් නිීතිපති දෙපාර්තමේන්තුවට පවා යවා නැති බවට සැකයක් ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කාදිනල්තුමා විවිධ ප්‍රකාශ සිදුකරමින් ඉන්නවා. නමුත් මේ තත්වය උපයෝගී කරගෙන ආවේගකාරී ගැටුම් නිර්මාණය කිරීමට විවිධ කණ්ඩායම් ආණ්ඩුව විසින් යොදා ගන්නවා.

පාලකයා අසාර්ථක වන හැම වෙලාවෙම හැංගෙන්නේ ජාතිවාදය සහ ආගම්වාදය තුළයි. සැඟවී සිටි පරණ කසකරුවන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, කර තියාගෙන ගිය අය වේගයෙන් කරළියට ඇවිත් තිබෙනවා. ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව යොදාගෙන ඒ කසකරුවන් ප්‍රධානම මත දක්වන්නන් බවට පත්කරගෙන තිබෙනවා. බරපතළ ප්‍රහාරයකට සූදානම් වන බවට ප්‍රහාරයක් සැඟවී ඉන්න බවට ප්‍රකාශ සිදුකරනවා.

ඔවුන් ඉන්න තැන දන්නා බව පවා ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ලැබී තිබුණත් කිසිම පරීක්‍ෂණයක් කරන්නේ නැහැ. ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව ඔවුන්ට යොදා ගැනීමට දුන් ඩලස් අලහප්පෙරුම ගැන ලැජ්ජා වෙනවා. ජාතික සමගිය ගැන වාක්‍ය කණ්ඩවලින් ප්‍රබන්ධ නිර්මාණය කරන ඇමතිවරයෙක් සිටින වෙලාවකදී මේ කසකරුවන් නැවත ප්‍රහාරයක් පටන් ගෙන තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න