Language Switcher

V2025

කාබනික පොහොර ආනයනයෙන් රට අනතුරේ : පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය

අපි ඉදිරිපත් කරලා තිබුණ විද්‍යාත්මක දතත්, අපි කරලා තියන ප්‍රකාශ ගැන තැකීමක් නැහැ. අපි කියන ඒවා ගණන් ගන්නෙ නැතිව මේ ගනුදෙණු කරගෙන යනවා. මට ලොකු කණගාටුවක් තියනවා. මේ රටේ ජනතාව ලොකු අනතුරකට පත් වේවි.“ යැයි පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කරන්නේ කාබණික පොහොර ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.

තමන් හරිත වගාවක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු රැස්වීමේදී කිසිම කාබනික පොහොරක් හෝ ද්‍රව්‍යවයක් රට තුළට නොගෙන්වන ලෙස කරුණු සහිතව ප්‍රකාශ කරද්දී එවැන්නක් සිදු නොවන බවට ආණ්ඩුව සහතික වූ නමුත් පොහොර ටොන් ගණනින් රට තුළට ගෙන්වීමට කටයුතු කිරීමේ ව්‍යසනය කණගාටුවෙන් බලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි…

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය,

“හරි සැලසුමක් තියනවා නම් හරියාකරව රට තුළ කාබනික පොහොර නිශ්පාදනය කිරීමේ හැකියාව තියනවා. ඒ සතියෙන් දෙකෙන් නෙමෙයි. ලබන මහ කන්නය වනවිට බොහෝ දුරට 80%ක් වත් කාබනික පොහොර අවශ්‍යතාවය දේශීයව සපුරාගන්න පුලුවන්.

මා, හරිත ව්‍යාප්තියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායෙ සාමාජිකයෙක් විදිහට පත් කරන් හිටියා. නමුත් එහි එක රැස්වීමකට පමණයි මා සහභාගී වුනේ. ඒ ආරම්භක රැස්වීමේ දී මම පැහැදිලිව කරුණු සහිතව කිව්වා මොනම හේතුවක් යටතේවත් කාබනික පොහොර හෝ කාබනික ද්‍රව්‍ය කිසිම විදේශ රටවලින් ලංකාවට ගෙන්වීම කොහෙත්ම සිදුසු නැහැ කියලා. එහෙම කරන්න එපා කියලා. මම රටක් නම් කළේ නැහැ.

මේක මම කිව්වෙ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මහාචාර්යවරයෙක් වශයෙන්. වසර පනහක පමණ පරීක්ෂණ පළපුරුද්දක් තියන විද්‍යාඥයෙක් වශයෙන්. එහෙම ගෙනාවොත් භයානක අවදානමක් රටට තියනවා කියන එක මා පැහැදිලි කළා.

මා ප්‍රසිද්ධියෙ එම අදහස් දැක්වූ අවස්ථාවේදී ඒ අය කිව්වා, නැහැ… කොහොමටත් කාබනික ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න අදහසක් නැහැ… කියලා. අන්තිමට වුනේ මොකක් ද?. මෙට්‍රික් ටොන් ගනනින් කාබනික පොහොර පිටරටන් ආනයනයක කරන්න හදනවා. මේ පොහොර සාම්පල් පරීක්ෂණවලදි අපි දැක්කා ශාඛවලට හානිකර ව්‍යාධි ජනක අර්වීනියා ඛාණ්ඩයේ බැක්ටීරියාවක් තියනවා. ඒක පැලෑටි විද්‍යාඥයො හොඳින්ම හඳුනන ව්‍යාධි ජනක බැක්ටීරියාවක්.

අපි ඉදිරිපත් කරලා තිබුණ විද්‍යාත්මක දතත්, අපි කරලා තියන ප්‍රකාශ ගැන තැකීමක් නැහැ. අපි කියන ඒවා ගණන් ගන්නෙ නැතිව මේ ගනුදෙණු කරගෙන යනවා. මට ලොකු කණගාටුවක් තියනවා. මේ රටේ ජනතාව ලොකු අනතුරකට පත් වේවි.“

(Lanka truth )