මෙරට කොරෝනා ආසාදිතයින් අතුරින් 95.8% ක් මාරාන්තික කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු අය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී චන්දිම ජීවන්දර පවසයි.
මේ පිළිබඳ ඔහු සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇත.

මීට අදාළ වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර , රටපුරා කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල පිළිබඳව පැවැත්වූ ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ අලුත්ම වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (10) බාරදෙනු ලැබීය
මේ අතර මෙරටින් මේදක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව අද (10) වනවිට 359ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
