දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ එදින අලුයම 4.00 දක්වාය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාළ තීරණයට එළඹි බවය.
මෙයට පෙර ගත් තීරණය අනුව නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 13 වැනිදා සඳුදාය.
කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
