කොරෝනා මර්දන රෙගුලාසි වෙනස් කරන්න සංචාරක සභාපතිනිය දන්වයි !

කොරෝනා මර්දන රෙගුලාසි වෙනස් කරන්න සංචාරක සභාපතිනිය දන්වයි !

සංචාරක අධිකාරියේ සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු විසින් සැප්තැම්බර් 7 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට යොමුකළ ලිපියක් කොරෝනා මර්දන වැඩපිළිවෙළට සිදුකළ බලපෑමක් බව සෞඛ්‍ය ක්ශේත්‍රයේ විරෝධයක් මතුව තිබේ.

සභාපතිනිය අදාළ ලිපිය මගින් දැනුම් දෙන්නේ, සංචාරක කර්මාන්තයට සහයෝගය දෙමින් වහාම පහත තීරණවලට අවනත වන්නට ය. 

ඊට අදාළ තීරණ මෙසේය.

  1. පූර්ණ ලෙස එන්නත ලබා දී ඇති ගුවන් කාර්ය මණ්ඩලය සඳහා PPE ඇඳීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම.

  2. පූර්ණ ලෙස එන්නත ලබා ගෙන ඇති සංචාරකයින් සඳහා ගොඩ වීමට පැය 72 කට පෙර සිදුකර යුතු PCR පරීක්ෂණ අවශ්‍යතාවය ඉවත් කිරීම.

  3. යුරෝපා සංගම් රෙගුලාසි2c0a3bb7 4399 494c 92e7 309da781af72වලට අනුකූලව අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා PCR පරීක්ෂණ ඉවත් කරන්න.

  4. සංචාරක මාර්ගයේ පැමිණෙන පූර්ණ ලෙස එන්නත ලබා ඇති මගීන් සඳහා ගුවන්තොටුපලේදී කඩිනම් RAPID පරීක්ෂණ වලට ඉඩ දීම. ය.

අදාළ ලිපියේ ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , "සංචාරක ව්‍යාපාරයට අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පසුගිය සතියේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී සඳහන් කළ පරිදි සංචාරක ව්‍යාපාරයට සහයෝගය දැක්වීම සඳහා පහත සඳහන් කරුණු සැලකීමට ගත යුතුය." යනුවෙනි.

ඒ අනුව මෙය කොරෝනා මර්දනයට අදාළ සෞඛ්‍ය නිර්දේශ සංශෝධනය කිරීමට සිදුකර ඇති බලපෑමක් බව සෞඛ්‍ය ක්ශේත්‍රයේ පිරිස් වල විවේචනය වී තිබේ.

එසේම එම ආරංචි මාර්ග පවසන්නේ මේ හරහා ලෝකයේ ඇති තවත් කොරෝනා ප්‍රභේද මෙරටට ඇතුල්වීමේ අවධානමක් ඇති බවයි.

කොරෝනා වසංගතය මෙරට තුළ දරුණු ලෙස ව්‍යාප්තිය සිදුවෙමින් ඇති පසුබිමක ඒ ගැන කිසිදු තැකීමකින් තොරව මේ යොමුකළ බවක් පෙන්නුම් කර ඇතැයිද ඔවුන් පවසයි.

තවද කොරෝනා වසංගතය තීව්‍රව ඇති කිසිදු රටක් මේ ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් සිදුකර නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

වඩාත් සුවිශේෂ කරුණක් වන්නේ විශේෂඥ උපදෙස් නොතකා කටයුතු සිදුවීම හේතුවෙන් මෙරට කොරෝනා මර්දන තාක්ෂණික උපදෙස් නිකුත්කරන කමිටුවේ විශේෂඥයන් ඉල්ලා අස්වෙන්න ගෙන ඇති පසුබිමක මෙවැනි ලිපියක් යොමුවීමය.

පහත දැක්වෙන්නේ සංචාරක අධිකාරියේ සභාපතිනිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇති ලිපියයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න