කළු සල්ලි සුදුකරන්නට අවස්ථාව සැලසීමක් ලෙස බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට තුඩුදුන් , හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ඉඩකඩ සැලසෙන මුදල් පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදී සම්මත විය .
මේ සම්බන්ධව පැවති ජන්ද විමසීමේදී ඊට පක්ෂව ජන්ද 134ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ජන්ද ප්‍රමාණය 44කි .
ඒ අනුව වැඩි ඡන්ද 90 කින් පනත සම්මත විය.
මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, හෙළිදරව් නොකළ බදු – වත්කම් හා ආදායම් ස්වේච්ඡාවෙන් හෙළි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනිමින් ය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ ය.
එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ , වගන්ති කිහිපයක් සංශෝධනයට ආණ්ඩුව පියවර ගන්නා බවයි.
ජාතිය ගොඩනැගීමේ බදු පනතේ හෝ ආර්ථික සේවා ගාස්තු පනතේ විධිවිධාන මත වන තක්සේරුවක් මේ වසරේ ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසු නිකුත් කරනු නොලැබිය යුතුය යන්න පනත් කෙටුම්පතෙන් මුළුමනින්ම ඉවත් කළ යුතු 17 වැනි වගන්තියේ සඳහන් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
