ෆේස්බුක් පරිවර්තන සමූහයේ මැදිහත්වීම රජය ප්‍රතික්ෂේප කරයි !

ෆේස්බුක් පරිවර්තන සමූහයේ මැදිහත්වීම රජය ප්‍රතික්ෂේප කරයි !

ශ්‍රී ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඉන්දියාවෙ සිට පැමිණෙන ෆේස්බුක් නියයෝජිතයන් සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා ෆේස්බුක් සිංහල පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

 මේ බව සදහන් කරමින් ශ්‍රී ලංකා ෆේස්බුක් සිංහල පරිවර්තන සමූහය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර තම සමූහය විසින් තොරතුරුතාක්ෂණ හා ඩිජිටල් ඇමති හරින් ප්‍රනාන්දු සමග අද දිනයේ වෙලාව වෙන්කරගැනීමට උත්සාහ කලද ඔහුයේ ලේකම්තුමිය විසින් එම ඉල්ලීම පිළිනොගැනීම තරයේ හෙළාදකින බවද එහි සඳහන් කර තිබේ.

 මේ හේතුවෙන් තම සමූහය විසන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී ඉදිරියේදී ෆේස්බුක් වෙබ් අඩවියෙහි ඉදිරියේදී පැන නැගිය හැකි භාෂාමය ඇතුළු අනෙකුත් ගැටළු නිරාකරණය කිරීමට විසදුම් සහ අනාගතයේ ශ්‍රී ලංකාවටම ආවේනික වූ සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කිරීම පිළිබද කතිකාවත ඇරඹිමට පිඹුරුපත් සැකසීම වැනි වැදගත් ක්‍රියාවන් රැසක් ගිලිහී යන බවද එම නිවේදනයේ දක්වා තිබේ.

 ෆේස්බුක් පරිවර්තන සමූහය (ශ්‍රී ලංකා) වෙනුවෙන් එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න