කොරෝනා මරණ 183 ක් : 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර

කොරෝනා මරණ 183 ක් : 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර

කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,366 කි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 107 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 76 දෙනා කාන්තාවන් ය.

අද දිනයේ වර්තා වූ කොවිඩ් මරණ අතර වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන් දෙදෙනකු ද වේ.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 62 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 10වන ස්ථානයේය.

FB IMG 1629644057016

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න