මරණ 198ක් : ආසාදිතයන්ගේ දෛනික වැඩිවීමත් ඉහළට !

මරණ 198ක් : ආසාදිතයන්ගේ දෛනික වැඩිවීමත් ඉහළට !

නව කොවිඩ් ආසාදිතයින් 3,884 දෙනෙකු ඊයේ (21) මෙරටින් හඳුනාගනු ලැබුණු අතර මේ ආකාරයට දෛනික ආසාදිතයින් 3500 සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව 5වන දිනට බව සෞඛ්‍ය අංශ නිල දත්ත සටහන් සාක්ෂි දරයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශය ඉකුත් 20 වැනිදා පස්වරුවේ අමතර ආසාදිතයින් 4,808 දෙනෙකු සිය දත්තවලට එක්කර තිබුණි.

ඔවුන් පවසන්නේ මෙම ආසාදිතයින් 4,808 දෙනා පසුගිය අගෝස්තු 16,17,18 සහ 19 යන දිනවලදී ප්‍රමාද වී වාර්තා කරන ලද දත්ත බවය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 385,696 දෙනෙකු දක්වා ඉහළයනු ලැබිණ.

තවද කොවිඩ් ආසාදිත මරණ 198ක් ඊයේ (21) ප්‍රකාශ කෙරුණු අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,183කි.

එසේම මේ වන විට ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සංඛ්‍යාව 323,390කි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 55,123ක් වෙයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 20 ලක්ෂ 88,864කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාවද ලක්ෂ 56 ඉක්මවා තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.