රට Lockdown කරන්නැයි ජනපතිට ලිපියක්

රට Lockdown කරන්නැයි ජනපතිට ලිපියක්

අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන(Lockdown) ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

රට වසා දැමිමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව දැනුවත් වුවද පවතින තත්ත්වය හමුවේ රට වසාතැබිමකින් තොරව කොවිඩ් රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙළීමට නොහැකි වන බව සිය විශ්වාසය බව එම පක්ෂ නියෝජිතයින් අදාළ ලිපියෙන් පෙන්වා දී තිබේ.

ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දෙන්නේ , අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය.

වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබේ.

රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසුවනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 10 ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය.

එමෙන්ම ඔවුන් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ , මෙය ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු බවය.

ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කළ යුතු බවට ද ඔවුන් යෝජනා කර තිබේ .

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර , ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ , පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල , ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා  , එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්  , ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ , ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න  සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන අය මේ ලිපියට අත්සන් කර තිබේ.

ජනාධිපතිවරයා ට භාර දී ඇති සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.

bd329006 7af77a63 e445 4eae 83fc f015c6a4d67c

1828a18d 7b8cc9a4 fa05 4a68 8dac 3d99f9d0f512

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න