වරකට එළියට යන්නේ එක්කෙනෙයි : අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න !

වරකට එළියට යන්නේ එක්කෙනෙයි : අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න !

එළඹෙන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව නිවසකින් පිටතට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. එහෙත් රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිට එය අදාළ නොවේ.

සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පුර්ණයෙන් ම වසා තැබේ. සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.

සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමේ.

කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්‍රීඩාගාර අද සිට වසා දැමේ.

ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වේ.

පිහිණුම් තටාක හා ස්පා අද සිට වැසේ.

හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.

අත්‍යවශ්‍ය සේවාවන්ට සම්බන්ධ ආයතන පවත්වාගෙන යාමේදී සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් ගෙන්වීමට ආයතන ප්‍රධානින් පියවර ගත යුතුය. එමෙන්ම රාජ්‍ය ආයතන සහ පුද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමේදී සේවය සඳහා ආදාළ පළාත තුල පදිංචි සේවකයින් කැඳවීමට මුලික ලෙස පියවර ගත යුතුවන අතර යම් හෙයකින් ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත පමණක් සේවකයින් කැඳවීමට හැකිය. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම් කටයුතු සඳහා පමණක් විවෘත කිරීමට අවසර හිමිවන අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්යය.

කිසිදු සම්මන්ත්‍රණ, රැස්වීම් හෝ සන්නාම ප්‍රවර්ධන සිදුකිරීම් සපුරා තහනම් වේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

0001

0002

0003

0004

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න