ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන ලෙසට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන්කර ඇත.
ඒ සිය ට්විටර් පණිවුඩයක් තබමින්ය.
අදාළ ට්වීටර් පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.
‘තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.’
අමාත්‍යවරයා මේ කියන්නේ, මතුව ඇති ගෑස් , කිරිපිටි පෝළිමට ඉන්ධන පෝලිමකත් එකතුවක් විය හැකිය. එසේ නොවනවා කියා පතනවා හැර වෙන කරන්න දෙයක් ඉතිරිව නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
