ආණ්ඩුව රට වැසීමට තීන්දු නොකළත්, කොවිඩ් දැඩි ලෙස පැතිර යාම හේතුවෙන් විවිධ නගර කිහිපයක කඩ සාප්පු එම නගරවල වෙළෙඳ සංගම් තීරණ අනුව වසා දැමීමට තීන්දු කිරීම මේ වන විට විශේෂයෙන් කැපීපෙනෙන සිදුවීමක් බවට පත්ව ඇත.
මෙලෙස කඩ සාප්පු වසා දමා ඇති නගර වන්නේ තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, ගම්පහ සහ මාතලේ යටලවත්ත හැඳින්විය හැකි අතර මේ වන විට කොළඹ පිටකොටුවේ ප්‍රධාන වෙළඳ මාවත්ද වැසීමට වෙළඳ සංගම් සිය නැණ පමණින් තීන්දු කර ඇත.
ඒ අනුව වාර්තා වන්නේ, කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු අද (17) සිට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන ඇති බවය.
කේසර් වීදියේ වෙළෙදසැල් හිමියන් පැවසුවේ දින 10කට සිය වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බවයි.
රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණී හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
