ගුරු – විදුහල්පති සංගම් හා අනු කමිටුවේ හමුව අවලංගු කෙරේ

ගුරු – විදුහල්පති සංගම් හා අනු කමිටුවේ හමුව අවලංගු කෙරේ

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවට අද(17) පැමිණෙන ලෙස කර තිබූ කැදවීම අවලංගු වූ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.

එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ, අද(17) පැමිණ සිය ගැටලු ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් මීට පෙර දැනුම් දී තිබූ බවය.

කෙසේ වෙතත් අද නොපැමිණෙන ලෙසත්, කමිටුව හමුවට පැමිණීමට හෙට(18 ) දිනයේ අවස්ථාව ලබා දෙන බවත් ඊයේ(16) පස්වරුවේ අමාත්‍ය අනුකමිටුව දැනුම් දුන් බව ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනය කර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සදහා පසුගිය 09 වැනිදා අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පත් කෙරිණි .

එහි සමාජිකයින් වන්නේ බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ය.

මේ අතර, ගුරු – විදුහල්පති විරෝධතාවයට සමගාමීව අද(17) සයිබර් විරෝධතාවක් ආරම්භ කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ  ප්‍රකාශ කළේය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න