නව ජනමාධ්‍ය ඇමති ලෙස ඩලස් වැඩ භාර ගනී

නව ජනමාධ්‍ය ඇමති ලෙස  ඩලස් වැඩ භාර ගනී

නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද(16) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ බවය.

අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර  ප්‍රමුඛ මුල් පෙළේ නිලධාරීන් සමග කෙටි අදහස් හුවමාරුවක නිරත වී තිබේ.

එහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් වත්මන් ආයතනවල තත්ත්වය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විමසා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මීට පෙර ඩලස් අලහප්පෙරුම  විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම විසින් අද(16) දින ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිණි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

02

05

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න