දඹර අමිල හිමි හමුදා පාලනයකට අත වනනවා - බොදුබලෙන් චෝදනා

දඹර අමිල හිමි හමුදා පාලනයකට අත වනනවා - බොදුබලෙන් චෝදනා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකරන හොරා පොලිස් සෙල්ලම හමුවේ රට බරපතල අවධානමකට ලක්කොට ඇති බව බොදුබල සේනා සංවිධානයේ උපදේශක ඩිලන්ත විතානගේ සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින දඹර අමිල හිමියන් යහපාලනයේ සංඝ රජු වීමට උත්සාහ කරමින් තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරන බවත් ජනාධිපතිවරයා මේ ප්‍රශ්න විසඳන්නේ නෑ, ජනාධිපතිවරයා හොරෙක් වසලයෙක්ය කියමින් මේ ප්‍රශ්න කෙසේ හෝ විසඳන්න සිදුවන බවත් දහස් ගණන් අත්අඩංගුවට ගන්නැයි පවසමින් උන්වහන්සේ අනියමින් හමුදාවට රට භාරගන්න කියනාකාරයේ මහා බියක් ඇතිවන බවද ඔහු පවසයි.

ඊයේ (13) බොදුබල සේනා සංවිධානයේ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ උපදේශක ඩිලන්ත විතානගේ මේ අදහස් පළකරේය.

දඹර අමිල හිමියන්ගේ යහපාලන තර්ජන !

දඹර අමිල හිමියන්ගේ ප්‍රකාශය යහපාලන ස්වරූපයේ තර්ජනයක් ලෙස පෙන්නුම් කරන බවත් රජයේ සේවකයෙකුට එවනි ප්‍රකාශ නිකුත් කරන්නට ඉඩදී ඇත්තේ කුමන යහපාලන ප්‍රතිපත්තියක් මතද යන්න පැහැදිළි නැති බවද ඔහු පවසයි.

පසෙකින් එවැනි ප්‍රකාශ නිකුත් වන පසුබිමේ අනෙක් පසින් ජනාධිපතිවරයාම විසින් පත්කළ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආර්ථික කමිටුව අහෝසි කිරීමට ජනාධිපතිවරයාම කැබිනට් පත්‍රිකා ගෙනෙන බවත් ඒ තුළද රට හමුවේ ඇති භයානක තත්ත්වයක් පෙන්නුම් කරන බවද බොදුබල සේනා උපදේශක ඩිලන්ත විතානගේ අවධාරණය කර සිටියි.

මේ වන විට දෙදෙනා අතර පවතින සීතල යුද්ධය කරලියට පැමිණ ඇති බවත් ඔවුනොවුන් අතර පවතින පෞද්ගලික කෝන්තර අදාළ නැතත් මෛත්‍රීපාල සහ රනිල් පොඩි දරුවන් දෙදෙනෙකු ලෙස හොරා පොලිස් සෙල්ලමේ නිරතවන අතරේ සංහිඳියාව, යහපාලනය, විප්ලවය වැනි වචන පවා දුෂණය කරමින් තිබීමා තුළ රට අරාජිකවීමේ අවධානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ජාතිවාදී ප්‍රශ්න විසඳිය හැක්කේ සාකච්ඡාවෙන් පමණයි !

එසේම මේ වන විට සියළු පව් බොදුබල සේනා සංවිධානය ප්‍රමුඛ ඥානසාර හිමියන්ගේ කරමතින් යවන්නට ඇතැම් පාර්ශව උත්සාහ කරමින් සිටින බවත් තමන් කිසිඳු අවස්ථාවක වරදක් සිදුකර නොමැති බව විශ්වාස හෙයින් ඒ එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සුදානම් බවද ඔහු පවසයි.

තම සංවිධානය අලුත්ගම, ගිංතොට, තෙල්දෙණිය ආශ්‍රිත සිදුවීම් වලදී යෝජනා කර සිටියේ අදාළ ප්‍රශ්න සාකච්ඡාවෙන්ම පමණක් විසඳිය යුතුය යන මතයේ පමණක් බවත් ඒ බව නිතර ඥානසාර හිමියන් අවධාරණය කර ඇති බවද ඔහු සඳහන් කර සිටියි.

"ෆේස්බුක් ආණ්ඩුව" ෆේස්බුක් වාරණයක් හරහා රට පාලනය කරන තැනට වැටිලා !

මෙහිදී ෆේස්බුක් වාරණය සම්බන්ධවද බොදුබල සේනා උපදේශක ඩිලන්ත විතානගේ අදහස් දැක්වූ අතර ෆේස්බුක් ආශීර්වාදයෙන් බලය ලැබූ බව කියන "ෆේස්බුක් ආණ්ඩුව" අවසානයේ ෆේස්බුක් වාරණයක් හරහා රට පාලනය කරන්න යන ආණ්ඩුව හෙට ෆේස්බුක් හරහා තමන්ව වුවත් වැරදිකරුවකු කිරීමේ අවධානමක් ඇති බවද පවසයි.

ෆේස්බුක් සහ සමාජ ජාල යනු සමාජ යහපතට සහ රටේ සංවර්ධනයට යොදාගත හැකි දෙයක් වුවත් අද පාලකයින් මර්දනය සඳහා එය යොදාගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

තොරතුරු තාක්ෂණයේ වැඩබැරි ටාසන්ලා !

තමන් තොරතුරු තාක්ෂනය පාසල් ළමුන් අතර ව්‍යාප්ත කරන්නට යෝජනා කර කටයුතු ආරම්භ කළේ එම තාක්ෂණය ලංකාවට පැමිණි ආරම්භක අවධියේ බවත් එයින් නොනැවතී ඊ ජර්නලිස්ට් වැනි සංකල්ප ගෙන එමින් අන්තර්ජාලය සමාජ සංවර්ධනයට යොමුකරන්නට උත්සාහ ගත නමුත් ඊට වගකිව යුතු පාර්ශව සහයක් නොදැක්වූ බවද ඔහු සිහිපත් කර සිටියේය.

අද පාර්ලිමේන්තුවේ සිට විහිළු සපයමින් සිටින හර්ෂ ද සිල්වා වැනි අමාත්‍යවරයාද ඒ සමයේ ව්‍යාපෘතියක් ආරම්භ කර ලක්ෂ ගණන් ආධාර ලබාගත් නමුත් ඒ ව්‍යාපෘති කයිවාරුවට පමණක් සීමා වූ බවත් මේ වන තුරුත් තොරතුරු තාක්ෂණය රටට වැඩදායි ආකාරයට යොදාගැනීමට වගකිව යුත්තන්ට නිසි වැඩපිළිවෙලක් නොමැති බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න