ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද(12) උදැසන ශ්‍රී ලංකා අමරපුර මහසංඝ සභාවේ උත්තරීතර මහනායක තනතුරට පත්වූ ගෞතම තපෝවන විහාර සමූහයේ අධිපති, අග්ගමහා පන්ඩිත දොඩම්පහල ශ්‍රී චන්ද්‍රසිරි නාහිමිපාණන් බැහැ දැකීමට ගිය බව එම පක්ෂය නිවේදනය කරයි.
එහිදී ජවිපෙ නායකයා රටේ වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡාවක නිරතවූ බවත් එහි සඳහන් වෙයි.
මෙම අවස්ථාවට තපෝවන මහපිරිවෙන පරිවේනාධිපති කුඩාවැල්ලේ දමිත හිමියන් සහ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති රත්මලානේ රාහුල හිමියන්ද සහභාගීවූ බවත් සඳහන්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
