උද්ඝෝෂණයේ සහ විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදුණු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ව අනීතික ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.
මෙරට ප්‍රබලම ගුරු සංවිධාන 24ක් නියෝජනය කරමින් අදාළ පැමිණිල්ල අද (09) සිදුකර තිබේ.
එහිදී 2021 අගෝස්තු 04 වනදා කොළඹ පැවති විරෝධතා උද්ඝෝෂණයට සහභාගීවී පෙරළා යමින් සිටි ගුරුවරුන් - විදුහල්පතිවරුන් ඇතුළු 44 දෙනෙකු පොලිසිය විසින් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගැනීම ඇතුළු දීප ව්‍යාප්තව පැවති තවත් ගුරු - විදුහල්පති විරෝධතා වලදී සිදුව ඇති අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව එහිදී පොලිස්පතිවරයාට පෙන්වාදී ඇත.
එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ, පොලිසියේ මේ අත්තනෝමතික ක්‍රියාව වළක්වන ලෙසය.
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පොලිස්පතිට යොමුකළ අදාළ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
