ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසි වෙලාවට තනිවම තරග කර ඉදිරියේදී රජයක් පිහිටුවන බව, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
ඒ පසුගියදා පවතී පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල පිහිටුවීම අවස්ථාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්සන් කළ ගිවිසුම් ප්‍රකාර කිසිදෙයක් ඉටු වී නැති බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතාව දැන් කලකිරී සිටින බවද පැවසිය.
එසේම බිම වැටිලා සිටින යෝදයා ඉදිරියේදී නැගිටුවන වන බවද පවසා ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය සංවිධාන ශක්තිමත් කළාම යෝධයා නැගිටුවීම අමාරු නැති බවද පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
