තවත් මරණ 67 ක් : ඉදිරි මාස දෙක දැඩිව අවදානම් - විශේෂඥ මතය !

 තවත් මරණ 67 ක් : ඉදිරි මාස දෙක දැඩිව අවදානම් - විශේෂඥ මතය !

ඊයේ (31) කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කර ඇත.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇතැයි වෛරසයවේදය පිළිබඳව ලෝක ප්‍රකට මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි.

ඒ, පසුගියදා ජාතික විද්‍යා පදනම කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමිනි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු හොංකොං විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය මලික් පීරිස් මෙසේද පවසා ඇත.

"නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව තුළ මහා විනාශයක් කළා. ඒ වගේම මට කියන්න සිද්ධ වෙනවා එළඹෙන සති කිහිපයේදී එය ශ්‍රී ලංකාව තුළත් විශාල බලපෑමක් ඇතිකරනු ඇති බව. මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ රාජකාරිය පැහැරහැරියා වෙනවා මම අනතුරු මේ ඇඟවීම කළේ නැත්නම්. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේදී මෙතෙක් මුහුණ දුන් නරකම තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමනට සුබ පතනවා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම ගැන, එය ඉතාම හොඳින් සිදුවනවා. එසේ වුණත් ඔබ දන්නා පරිදි එන්නතේ මාත්‍රා දෙකම අත්‍යාවශ්‍යයි මේ ප්‍රභේදයට එරෙහිව සැළකිය යුතු බලපෑමක් කරන්න. ඉදිරි මාසය හෝ මාස දෙක තුළදී එන්නත්කරණය නිසා අපිට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ජනතාවට මේ ගැන හොඳින් උපදෙස් ලබාදී ඇති බව."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න